ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවති අවුරුදු 16න් පහළ බාලිකා සත් සාමාජික රග්බි තරගාවලියේ “පළිහ” අංශයේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ධර්මවික්‍රම බාලිකා විදුහල සමත්ව තිබේ.
“පළිහ” අවසන් තරගයේදී කොළඹ ලුම්බිණි විදුහල ලකුණු 15–05ක් ලෙස පරාජය කරමින් ධර්මවික්‍රම ක්‍රීඩිකාවෝ ශූරතාව හිමිකර ගත්හ. තරගාවලියේදී ධර්මවික්‍රම විදුහල විසින් විජයපාල විදුහල, පිළියන්දල මධ්‍ය මහ විදුහල සහ කුරුණෑගල ඩී.බී. වෙලගෙදර විදුහලද පරාජය කර තිබේ.
මේ අතර තරගාවලියේ ප්‍රධාන ශූරතාව කොළඹ සියලු සාන්තුවරයන්ගේ විදුහලට හිමිව ඇති අතර “පළඟ” ශූරතාව මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලටත්, “බඳුණ” ශූරතාව අවිස්සාවේල්ල කිරිපෝරුව විදුහලටත් හිමිව තිබේ.















