අධිකරණයට අපහාස වන ආකාරයේ ප්රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා අද (02) මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබේ.
ඒ අනුව, අද පෙරවරු 10.00ට මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී සැප්තැම්බර් 12 වනදා පැවැත්වූ රැස්වීමකදී විමල් වීරවංශ මහතා සිදු කළ බව කියන ප්රකාශ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
අදාළ කරුණු සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට උපදෙස් ලබාදී තිබේ.
මෙම විමර්ශනයේදී විමල් වීරවංශ මහතාගෙන් ලබාගන්නා ප්රකාශයද සලකා බලා ඉදිරි ක්රියාමාර්ග ගනු ඇත.
















