පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් හානි වූ වාට්ටු දෙකක් ඉදිරි දින දෙක තුළ යළි විවෘත කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්ය අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පිපිරීමෙන් සිදුවූ හානිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (01) රෝහලේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී රෝහලේ හානි වූ මුළුතැන්ගෙය, ඊට ආසන්න පිරිමි හා කාන්තා වාට්ටු සංකීර්ණ, ප්රධාන ශල්යාගාරය සහ වෛද්ය දැඩි සත්කාර ඒකකයද නිරීක්ෂණයට ලක් කර තිබේ.
වාට්ටු දෙකේ සුළු අලුත්වැඩියා කඩිනමින් අවසන් කර නව රෝගීන් ඇතුළත් කිරීමට අවශ්ය පහසුකම් යළි සකස් කරන ලෙස රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, ශල්යාගාර සේවාද හැකි ඉක්මනින් යළි ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
පිපිරීමෙන් පසු දිනම රුධිර පාරවිලයන සේවා යළි ආරම්භ කර තිබුණද, රෝහලේ නේවාසික රෝගීන් ඇතුළත් කිරීම තවමත් අත්හිටුවා ඇති බව සෞඛ්ය අමාත්යාංශ ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත්, ඩයලසිස් සේවා අඛණ්ඩව ක්රියාත්මක වන අතර, ශල්යකර්ම ඇතුළු අනෙකුත් අත්යවශ්ය සේවාද ක්රමානුකූලව යළි ආරම්භ කිරීමට කටයුතු කෙරෙමින් පවතී.
මේ අතර, පිපිරීම හේතුවෙන් විදුලි පරිපථ සහ වෛද්ය වායු පද්ධතිවලට සිදුවූ හානි සම්බන්ධයෙන් තාක්ෂණික කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදුකරමින් සිටින බවද වාර්තා වේ.
















