ෆ්ලයිඩුබායි FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ සිදුවීමෙන් පසු තුවාල ලබා ප්‍රතිකාර ලබන කපිතාන් ස්මිත් මච්චාර්ගේ සුවදුක් විමසීමට ඩුබායි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් රෝහලට ගොස් තිබේ. එහිදී කපිතාන් මච්චාර්ගේ ධෛර්යය, වගකීම සහ මිනිස් ජීවිත සම්බන්ධයෙන් දැක්වූ සැලකිල්ල ඔහුගේ ප්‍රශංසාවට ලක් කර තිබේ.
සැප්තැම්බර් 30 වැනිදා ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කරමින් තිබූ FZ1073 යානයේ නියමු කුටිය තුළ බරපතළ සිදුවීමක් ඇතිවූ අතර, පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් සඳහන් කළේ සහායක නියමුවා විසින් කපිතාන් මච්චාර්ට පහරදී යානයේ පාලනය ලබාගැනීමට උත්සාහ කළ බවයි. සිදුවීමෙන් පසු යානය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
තුවාල ලබා සිටියද කපිතාන් මච්චාර් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වූ අතර, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ මගීන්ගේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කර යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවී තිබේ. මෙම සිදුවීමේදී යානයේ සිටි මගීන් 174 දෙනෙකු ඇතුළු සියලු දෙනා ආරක්ෂිතව සිටි බව වාර්තා වේ.
















