ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම අඛණ්ඩව පහසු කරවීම සඳහා ඉන්දියාවේ ජාතික සමුපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සම්මේලනය (COOPFED) අතර අද (05) දින විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
ඉන්දීය සංවිධානය නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි සහ ශ්‍රී ලංකා සමුපකාර සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් තැබීමේ උත්සවය පැවැත්විණි. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ හා වාණිජ කටයුතු මෙන්ම ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (FTA) යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන්ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.














