හෙට (06) දිනට බලපැවැත්වෙන පරිදි උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අදාළ අනතුරු ඇඟවීමට අනුව, දිස්ත්‍රික්ක 13ක් සඳහා මෙම ‘අවවාදාත්මක මට්ටමේ’ (Caution level) තාප දර්ශක අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. දිවා කාලයේදී අදාළ පළාත්වල සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් තාප දර්ශකය (heat index) අවවාදාත්මක මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් ජනතාවට සැමවිටම කල්පනාකාරී වන ලෙස කාලගුණ අංශ දැනුම් දී තිබේ.














