රුහුණු විශ්වවිද්‍යාලයේ කඹුරුපිටිය මාපලාන කෘෂිකර්ම පීඨයේ සිසුන් අතර සීග්‍රයෙන් පැතිරෙන උණ රෝගයක් හේතුවෙන් පන්ති පැවැත්වීම මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් සිදු කිරීමට එහි අධ්‍යයන සභාව තීරණය කර තිබේ. ඒ හේතුවෙන් අවසන් වසරේ සිසුන් හැර බොහෝ පිරිසක් නිවෙස් වෙත අද පස්වරුවේ පිටත් කර හැරීමට පාලන අධිකාරිය කටයුතු කර ඇත.
බොහෝ සිසුන්ට ක්ලාන්තය, වමනය හා උදර වේදනාව වැනි රෝග ලක්ෂණ මතුවී ඇති අතර, විශ්වවිද්‍යාල වෛද්‍ය සභාවේ තීරණයක් මත රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙම පියවර ගෙන තිබේ. ඉදිරි සතියේ තත්ත්වය පාලනය වූ වහාම සුපුරුදු ලෙස දේශන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, කෙසේ වෙතත් සිසුන් ත්‍රීරෝද රථවලින් ගොස් ප්‍රතිකාර ලබාගෙන යළි සිය නේවාසිකාගාරවලට යන අයුරු ද දක්නට ලැබුණි.














