ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කිරීම සඳහා දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ගිවිසුම හරහා දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සහයෝගිතාව තවදුරටත් ප්‍රවර්ධනය, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අපේක්ෂා කෙරෙනවා.
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 30ක් සපිරෙන වසරක් ලෙස 2026 වසර සැලකෙනවා.
ඒ අනුව, ලිතුවේනියා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර මෙම දේශපාලන උපදේශන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.














