ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (06) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකර ඇත.
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් සඳහා මෙම පත්වීම් සිදුකර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.














