2027 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණි සඳහා මොඩියුල ඇතුළුව පෙළපොත් හා මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතයි.
ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් වී තිබෙනවා.
ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට පැවරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම මුදලට එකතු කළ අගය මත බදු (VAT) ඇතුළත් නොවන බව අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන් වනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.














