ශ්‍රී ලංකාවට මෙම වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, ඔක්තෝබර් 1 වැනිදා සිට 4 වැනිදා දක්වා සංචාරකයින් 23,349 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ඒ අනුව 2026 වසරේ මේ දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,717,028ක්.
කෙසේ වෙතත්, ඔක්තෝබර් පළමු දින හතරේ සංචාරක පැමිණීම් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.5%කින් පහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ මිලියන 1.75කට සාපේක්ෂව 2%කින් පමණ අඩු බව සඳහන්.
ඔක්තෝබර් පළමු දින හතර තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 10,062ක්. එය එම කාලයේ සමස්ත සංචාරක පැමිණීම්වලින් 43%ක්.
2026 වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 447,476ක්. එක්සත් රාජධානියෙන් 161,886ක් සහ චීනයෙන් 114,678ක් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
සංශෝධිත පුරෝකථන අනුව, 2026 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.37ත් 2.6ත් අතර විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.














