ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඉරාන නෞකා සම්බන්ධයෙන් රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.
ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටින ඉරාන නෞකා වෙත සැපයුම් ලබා නොදෙන ලෙස මෙරට සමාගම් වෙත රජය උපදෙස් ලබාදී ඇති බවට චෝදනා කරමින් ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර සංවිධාන හමුවේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කළ පසු, වත්මන් ක්‍රියාමාර්ග එම ස්ථාවරයට අනුකූලදැයි හකීම් මහතා විමසා තිබේ.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ රජයක් ලෙස අධිරාජ්‍යවාදයට එරෙහි ස්ථාවරයක් ප්‍රකාශ කරමින් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද ඔහු විවේචනය කර ඇත.
කෙසේ වෙතත්, ඉරාන නෞකා ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් පිටත රැඳී සිටින බවත්, එම නෞකා වෙත ශ්‍රී ලංකාව විසින් සැපයුම් හෝ පහසුකම් ලබාදී නොමැති බවත් රජය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් කිසිදු උපදෙසක් ලැබී නොමැති බවද රජය සඳහන් කර ඇත.














