සහරාන් හෂීම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමඟ එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැස්ටෝස් වත්ත ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීම සම්බන්ධයෙන් වරද පිළිගත් දෙදෙනෙකුට අද දඬුවම් නියම කිරීමට නියමිතව තිබේ.
ඔවුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු ඊයේ (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු විසින් අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ.
මෙම නඩුවේ විභාගය පෙරේදා සිට දිනපතා සිදුකෙරෙන අතර, විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ නඩු පවරා ඇත.
2018 වසරේදී ලැස්ටෝස් වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය ලෙස සැලකෙන නයිට්රේට් තොගයක්, ජීව උණ්ඩ 12ක්, ගිනි අවියක් මෙන්ම පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ හැකි නයිට්රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් දෙදෙනාට දඬුවම් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සිදුකිරීමට නියමිතය.














