මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද හදිසි වැටලීමකදී, නුසුදුසු සනීපාරක්ෂක තත්ත්ව යටතේ පවත්වාගෙන යනු ලැබූ හුන්නස්ගිරිය ප්‍රදේශයේ, දිගු දුර බස් නැවතුම්පළක් ආසන්නයේ පිහිටි ආපන ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
උඩදුම්බර වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශයට අයත් හුන්නස්ගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ බස් නැවතුම්පළවල් අසල පිහිටි ආපනශාලා පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් යටතේ මහනුවර – මහියංගණ මාර්ගයේ පිහිටි මෙම ස්ථාන පරීක්ෂාවට ලක් කර ඇත. සනීපාරක්ෂක නීති උල්ලංඝනය කළ ආපනශාලා දෙකක හිමිකරුවන් සහ සේවකයින් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 75,000ක මුළු දඩ මුදලක් නියම කර ඇති අතර, නිරීක්ෂණය වූ අඩුපාඩු නිවැරදි කරන තෙක් අදාළ ආපන ශාලාව තාවකාලිකව වසා දමන ලෙස අධිකරණය නියෝග කර තිබේ.















