අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ‘සිරිළිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අද (07) දින අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
















