2024 සහ 2025 වසරවල භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ආයතන 6ක් හරහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක පමණ මුදලක් විදේශ ගිණුම් වෙත බැර කළ බවට සැකකෙරෙන 25 හැවිරිදි තවත් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
















