සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි ජෙඩා සුපර්ඩෝම්හිදී පැවැත්වුණු ‘සෞදි ආහාර ප්‍රදර්ශනය 2026’ (Saudi Food Show 2026) හිදී ප්‍රථම වතාවට ලංකා තේ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ මණ්ඩපයක් (Ceylon Tea Pavilion) නිල වශයෙන් විවෘත කර තිබේ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ජස්ටිස් මොහොමඩ් ලෆාර් යන මහත්වරුන් සහ ශ්‍රී ලාංකික තේ අපනයන සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම මණ්ඩපය විවෘත කෙරිණි. සෞදි වෙළෙඳපොළෙහි ලංකා තේවල ගුණාත්මකභාවය සහ සුවිශේෂී ලක්ෂණ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලාංකික තේ සමාගම් 6ක් මෙම මණ්ඩපයට එක්ව සිටින අතර, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ වාණිජ දෙපාර්තමේන්තුව එක්ව මෙම කටයුත්ත සංවිධානය කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව සෞදි අරාබිය වෙත ශ්‍රී ලංකාවේ අපනයන 15%කින් ඉහළ ගොස් ඇති බවත්, තේ අපනයනය මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 67ක පමණ ආදායමක් ලබාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
















