කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවා සිටි කෝසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
නිල නිවසට අනවසරයෙන් විදුලිය සහ ජලය ලබාගත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් 2024 ජූලි 10 වැනිදා සිට ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි. එම චෝදනා සම්බන්ධයෙන් මාස 27ක් පුරා සිදු කළ විධිමත් විමර්ශනයකින් අනතුරුව ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කෝසල සේනාධීර මහතා හිඟ වැටුප්ද සහිතව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත කර යළි සේවයේ පිහිටුවා තිබේ. ඔහු අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහේස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කරන බව වාර්තා වේ.
















