අද (08) දිනය සඳහා වලංගු උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අදාළ බව සඳහන් වේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ.
උණුසුම් කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම සහ වැඩිහිටියන් හා කුඩා දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.
















