අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඊයේ (07) සවස වැලිකන්ද ප්රදේශයේදී 28 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහු පදිංචි නිවසේ වළ දමා තිබූ විදේශ නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. වෙඩිතැබීමේ සිද්ධියට සැකකරු ආධාර අනුබල ලබා දී ඇති බවටද විමර්ශන සිදුකරමින් පවතී.
අහුංගල්ල, වැලිකන්ද ප්රදේශයේදී ඔක්තෝබර් 1 වැනිදා රාත්රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධ චෝදනා තවමත් අධිකරණයෙන් තහවුරු වී නොමැත.
















