දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් පැලැටියාව සායන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ මූලිකත්වයෙන් මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 13.4කි.
වසර ගණනාවක සිට ප්‍රදේශයේ ජනතාවට අඩුපාඩුවක්ව පැවති සායන මධ්‍යස්ථානය ඉදිකිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් රැසක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.














