පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නායයෑම් අවදානම් ප්රදේශ රැසක අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනතුරු අඟවයි.
එහි නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඒ.එල්.කේ. ලක්සිරි ඉන්ද්රතිලක මහතා සඳහන් කර ඇත්තේ පසුගිය දින කිහිපය තුළ නායයෑම් බහුල ප්රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ අනුව මාතලේ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල ඇතැම් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු සහ දෙවැනි මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඉදිරි දින කිහිපයේදී මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති වුවහොත් නායයෑම් අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු පෙන්වා දී තිබේ. විශේෂයෙන් මධ්යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල කඳුකර ප්රදේශවල ජනතාව විමසිලිමත්ව සිටිය යුතුය.
පෙර ආපදාවලින් හානි වූ සහ අධි අවදානම් ප්රදේශ ලෙස හඳුනාගෙන ඇති ස්ථානවල ජීවත් වන ජනතාවට අවශ්ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානමින් සිටින ලෙසද දැනුම් දී තිබේ.
එමෙන්ම පස්කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ මාර්ග ගිලා බැසීම් සිදුවිය හැකි බැවින් කඳුකර මාර්ගවල ගමන් කරන රියදුරන් සහ පදිකයන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.
















