ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය තරුණ තරුණියන් සමඟ මානසික සෞඛ්යය සහ යහපැවැත්ම පිළිබඳ විශේෂ සංවාදයකට එක්ව තිබේ.
කොළඹ ඩී සේරම් හවුස් හිදී ඊයේ (11) පැවැති මෙම සාකච්ඡාව UNICEF ශ්රී ලංකා කාර්යාලය සහ MHPSS.net ආයතනය එක්ව තරුණ උපදේශක ජාලය සමඟ සංවිධානය කර තිබුණි. වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියන් මුහුණ දෙන මානසික සෞඛ්ය අභියෝග සහ පීඩනයන් පිළිබඳව මෙහිදී විවෘතව සාකච්ඡා කෙරුණු අතර, පාසල්, පවුල සහ ප්රජාව තුළ මානසික සෞඛ්යය පිළිබඳව නිදහසේ කතා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
















