මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශ සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් රළු මුහුදු ප්රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (12) පස්වරු 5:00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (13) පෙරවරු 1:00 දක්වා වලංගු වන අතර, අදාළ මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70 දක්වා) ඇති විය හැකි බැවින්, එම මුහුදු ප්රදේශවල කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
















