කලාපයේ පවතින ආරක්ෂක වාතාවරණය හේතුවෙන් කොළඹ සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 වන දින දක්වා අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට මුල්තැන දෙමින් මෙම තීරණය ගත් බව ජාතික ගුවන් සේවය නිවේදනය කළේය. කලාපයේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට හැරීමෙන් පසු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය. ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවට පත් වන මගීන්ට විකල්ප සේවාවන් හෝ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1979 ක්ෂණික ඇමතුම් අංකය හෝ [www.srilankan.com](https://www.google.com/search…) වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වන ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය දැනුම් දෙයි.














