පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පෞද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.














