අපරික්ෂාකාරීව රිය පදවා යතුරුපැදිකරුවකු හප්පා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්රී චන්ද්රභාණු අධිකාරම් හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (11) සවස ඉත්තෑපාන, අවිත්තාව මාර්ගයේදී හිටපු මන්ත්රීවරයා පැදවූ මෝටර් රථය අපරීක්ෂාකාරී ලෙස ප්රධාන මාර්ගයට ඇතුළු කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන හිටපු මන්ත්රීවරයාව රෝහල වෙත පැමිණ පරීක්ෂා කළ කළුතර වැඩබලන මහේස්ත්රාත්වරයා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
















