සෞදි අරාබියට යළිත් මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල වීමේ දැඩි තර්ජනයක් මතුව ඇති අතර, රියාද් ජාත්යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෞදි අරාබිය සඳහන් කර ඇත්තේ ඊයේ (12) දිනයේදී ඔවුන් යළිත් ප්රහාර රැල්ලකට මුහුණ දෙමින් සිටින බවයි.
පසුගිය සෙනසුරාදා රියාද් ගුවන්තොටුපොළේ මගීන් පිටත්වීමේ පර්යන්තයට එල්ල වූ මාරාන්තික මිසයිල ප්රහාරයෙන් දින කිහිපයකට පසුව මෙම තත්ත්වය මතුව තිබීම විශේෂත්වයකි. එම ප්රහාරයේ වගකීම යේමනයේ ඉරානයට සහාය දක්වන හූති කැරලිකරුවන් විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. යේමනයේ රජයේ හමුදාවන්ට සහාය දක්වන සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය සඳහන් කර ඇත්තේ තමන් වෙත පැමිණෙන ඩ්රෝන යානා සහ මිසයිල පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. මේ අතර, කලාපයේ උද්ගත වී ඇති ආරක්ෂක තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්යය ඒකාබද්ධ ගල්ෆ් කලාපීය ආරක්ෂක ක්රියාමාර්ග යළි සක්රීය කරන ලෙස ඉල්ලා ඇත.
















