බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ(12) පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය අද (13) පස්වරු 1.00 දක්වා වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















