ශ්රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය සියයට 18.8කින් ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ වෘද්ධවේදය පිළිබඳ විශේෂඥ වෛද්ය සිතිර සෙනෙවිරත්න මහතා පවසයි.
ජාත්යන්තර වැඩිහිටි මාසය නිමිත්තෙන් සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වැඩිහිටියන් වයසට යෑමේදී ශරීරයේ බර අඩුවීම, තෙහෙට්ටු ගතිය සහ දුබලතා ලක්ෂණ මතුවන බවත්, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ මතකය ගිලිහීම වැනි වෘද්ධ රෝගවලට ගොදුරු වීමේ වැඩි ප්රවණතාවක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්රෝටීන් බහුල ආහාර ලබා ගැනීමෙන් සහ නිසි ශාරීරික ව්යායාමවල නිරත වීමෙන් මෙම දුබලතා තත්ත්වයන් පාලනය කරගත හැකි බව විශේෂඥ වෛද්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















