ජාතික සාහිත්ය කලා මහෝත්සවයට සමගාමීව කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ ‘කොළොම්තොට අභිනන්දන 2026’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති චිත්ර තරගයේ ජයග්රාහකයන්ගේ නිර්මාණ ඇතුළත් ‘සිත්තම් 2026’ ප්රදර්ශනය නාරාහේන්පිට පිහිටි අග්රාමාත්ය නිල මැදුරේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින් විවෘත කර තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුනාරච්චි, කොළඹ දිස්ත්රික් ලේකම් ගිනිගේ ප්රසන්න ජනක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.















