රට පුරා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු 23,000ක් පිරවීමේ ක්රියාවලියේ සම්මුඛ පරීක්ෂණ ලබන නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ කරන බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළේය. මෙහි පළමු පියවර ලෙස ගුරුවරුන් 17,000ක් බඳවා ගැනීම සිදු කරන බවත්, මෙම 23,000ක් බඳවා ගැනීම සඳහා පැවති ලිඛිත විභාගයේ ප්රතිඵල නාම ලේඛනය අමාත්යාංශයේ නිල වෙබ් අඩවිය (www.moe.gov.lk) හරහා ප්රසිද්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය. ජාතික හා පළාත් පාසල් සඳහා වන සියලුම විෂයයන්ට සහ පළාත්වලට අදාළව මෙම තෝරාගැනීම් සිදු කරන අතර, ඉතිරි පුරප්පාඩු ද ඉදිරි වටවලදී සම්පූර්ණයෙන්ම පිරවීමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















