තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ‘ශ්රී ලංකා EXPO 2027 – ප්රවර්ධන සහ ව්යාපාරික සබඳතා ගොඩනැඟීමේ සැසිය’ බැංකොක් නුවරදී සාර්ථකව පවත්වා තිබේ.
2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ‘ශ්රී ලංකා EXPO 2027’ ප්රදර්ශනය පිළිබඳව තායි ව්යාපාරික ප්රජාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ සහභාගීත්වය උනන්දු කරවීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වී ඇත. තායිලන්තයේ ශ්රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා තායිලන්තයේ ව්යාපාරික නියෝජිතයන්, ආයෝජකයෝ සහ මාධ්යවේදීහු රැසක් සහභාගී වූහ. නව භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ අවස්ථා හඳුනා ගැනීමටත්, ශ්රී ලංකාවේ ආයෝජන ප්රවර්ධනය කිරීමටත් මෙම ප්රදර්ශනය හොඳම වේදිකාවක් ලෙස භාවිතා කරන ලෙස තානාපතිනිය මෙහිදී තායි ව්යාපාරිකයන්ට ආරාධනා කළාය.
















