මන්නාරම දිස්ත්රික්කයේ සිලාවතුර අරිප්පු වෙරළ තීරය සංරක්ෂණය කිරීම, ධීවර ප්රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින් නව වෙරළ විවේකී උද්යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබේ.
පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් මෙම මුල්ගල් තැබීම ඊයේ (14) පස්වරුවේ සිදුකර ඇති අතර, ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්රදේශයේ දේශපාලන නියෝජිතයන් ද එක්ව සිටියහ.
මන්නාරම ඩොරික් බංගලාව ආශ්රිත ප්රදේශයේ පවතින සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ.
මෙමගින් සිලාවතුර අරිප්පු වෙරළ තීරයේ පවතින වෙරළ ඛාදනය පාලනය කර වෙරළ කලාපය ආරක්ෂා කිරීමට මෙන්ම ධීවර ජනතාවගේ බෝට්ටු නැවැත්වීම සඳහා පවතින පහසුකම් සහ ඉඩකඩ වැඩිදියුණු කිරීමටද අපේක්ෂා කෙරේ.
අදාළ වෙරළ සංරක්ෂණ කටයුතු පරිසර අමාත්යාංශය සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විද්යාත්මක පදනමක් මත ක්රියාත්මක කරන බව සඳහන් වේ.
















