එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී අවධාරණය කර ඇත්තේ, ගමන් බාධා හෝ හදිසි වෛද්‍ය අවශ්‍යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් ඒවාට මුහුණ දිය හැකි පරිදි සංචාරයේ වියදම් සම්පූර්ණයෙන් දැරීමට ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් ඇති බවට වග බලා ගත යුතු බවයි.
එසේම, වීසා සම්මුඛ පරීක්ෂණයට මනා සූදානමකින් සහභාගී වන ලෙසත්, අමෙරිකාවට ඇතුළුවීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට සිදු නොවන බවට තහවුරු කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.
වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්‍යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙසද දැඩිව අවවාද කර ඇත.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතළ වංචාවක් වන අතර, එමඟින් පවතින වීසා බලපත්‍රය අවලංගු වීමට මෙන්ම අනාගතයේදී අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමටද ඉඩ ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.













