රාගම පොලිස් වසමේ රාගම නගරයේදී ගංජා සමඟ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 14 වැනිදා රාත්රියේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝග්රෑම් 1යි ග්රෑම් 60ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන අතර, ඔහු කොළඹ 15 ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















