බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබේ.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් පසුගිය 10 වැනිදා මෙම පාද යාත්රාව ආරම්භ කෙරුණු අතර, එහි හයවැනි දිනය වන අද (15) කඩවතින් ආරම්භ වූ පාගමන කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියේය. මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.
















