“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සැකකරුවන් 299,775 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි.
දිවයින පුරා මත්ද්රව්ය සැපයුම සහ ඉල්ලුම මැඩපැවැත්වීමේ අරමුණින් ක්රියාත්මක මෙම මෙහෙයුම යටතේ වැටලීම් 300,569ක් සිදු කර ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්රෑම් 2,483කට අධික ප්රමාණයක්, අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 3,299කට අධික ප්රමාණයක්, ගංජා සහ කුෂ් ඇතුළු විශාල මත්ද්රව්ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 3,730 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග මත පසුවන අතර, සැකකරුවන් 449 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම, මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් 2,577 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටද පියවර ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














