කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ස්වාධීන විමර්ශනයක් සිදුකරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි. කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම විමර්ශනයේදී හස්තියාට ප්‍රතිකාර කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුවී ඇත්ද යන්නත්, සත්වයාට හිතාමතා හානි කිරීමේ සිදුවීමක් සිදුවී ඇත්ද යන්නත් සොයා බලන බව අමාත්‍යවරයා පැවසීය. හස්තියා බේරා ගැනීම සඳහා වෛද්‍ය මණ්ඩලය හැකි උපරිමයෙන් කටයුතු කළද, සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව පරිසර අමාත්‍යාංශය කනගාටුව පළ කරන බවද ඔහු සඳහන් කළේය.
තවද, විමර්ශනයෙන් අනාවරණය වන කරුණු අනුව අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවත්, ඉදිරියේදී පශු වෛද්‍ය සේවය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රෝගී සතුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.













