වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටිමින් අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ බව කියන ‘පියුමි’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්රව්ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 16 වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 274ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 28කට ආසන්න බව සඳහන් වේ. වැඩිදුර ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ‘දෙමටගොඩ ඉසුරු’ නමැත්තාගේ මත්ද්රව්ය බෙදාහැරීමේ ජාලය වැල්ලම්පිටිය ප්රදේශයේ ක්රියාත්මක කළ ප්රධාන සාමාජිකාවක් ලෙස ඇය කටයුතු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. පසුව අලුත්කඩේ අංක 02 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් රැඳවුම් නියෝග මත ඇය පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.













