සියඹලන්ගමුව ප්රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට, වනඅලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු ඇතුළත් වෙති. කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතු සහ ප්රතිකාර ක්රමවේදයන්හි යම් අතපසුවීමක් සිදුවී ඇත්ද යන්න සොයා බලා, දින 30ක් ඇතුළත සම්පූර්ණ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














