පසුගිය රජය සමයේ වසා දමා ඈවර කිරීමට ලක් කර තිබූ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) යළි ස්ථාපිත කරමින්, එහි ප්රධාන විධායක නිලධාරී ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සඳහා අද (19) නව පත්වීම් ප්රදානය කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී මෙම පත්වීම් ප්රදානෝත්සවය සිදු කෙරුණු බව අමාත්යාංශය නිවේදනය කරයි. 1949 අංක 47 දරන පනතින් පිහිටුවන ලද මෙම සංස්ථාව මඟින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ආහාර ද්රව්ය ලබා දීමේ රාජ්ය මැදිහත්වීම තහවුරු කිරීම සහ දේශීය ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගනිමින් පුළුල් බෙදාහැරීමේ ජාලයක් ක්රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ. මීට අමතරව, සේවක සුභසාධන සමිතියට හිඟව තිබූ කෝටි තුනක මුදල ගෙවා අවසන් කර, සේවකයන්ගේ තැන්පතු මුදල්ද සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














