මහා සංඝරත්නය විසින් සිවුරේ අනන්යතාව වෙනුවෙන් දියත් කළ අහිංසාවාදී සත්යග්රහය පොලිසිය සහ පක්ෂ කාඩර්වරුන් යොදවා මැඩපැවැත්වීමට වත්මන් රජය කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි.
අද (19) පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රටේ ඉදිරියට උද්ඝෝෂණ කිරීමට සිදුවන්නේ පැලවත්තේ අනුමැතිය ලැබුණහොත් පමණක් වන ඉතා භයානක තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. සමාජ මාධ්ය ඔස්සේ විපක්ෂයට එරෙහිව දේශපාලන බුබුලක් නිර්මාණය කර තිබුණ ද, ඊයේ දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැවැන්ත සිනා (Haha) ප්රතිචාර ප්රමාණයක් ලැබී තිබූ බව හිටපු මන්ත්රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














