2026 පොලිස්පති අභියෝගතා ජාතික පොලිස් ශිෂ්‍යභට කුසලානය සඳහා සුදුසුකම් ලැබූ බාලක කණ්ඩායම් 42ක් සහ බාලිකා කණ්ඩායම් 20ක් සමඟ ජාතික ශිෂ්‍යභට කඳවුර ඊයේ (19) කළුතර පොලිස් විද්‍යාලයේදී ආරම්භ වී තිබේ.
කඳවුරට සහභාගී වන ශිෂ්‍යභටයන් පොලිස් විද්‍යාලීය කාර්ය මණ්ඩලය විසින් අනන්‍යතා පරීක්ෂාවට ලක්කර විනය උපදෙස් ලබාදීමෙන් අනතුරුව ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කර ඇත.
ඉදිරි දින හත තුළ ශිෂ්‍යභටයන්ගේ පෙළපාලි දක්ෂතා, නායකත්ව කුසලතා, විනය සහ විවිධ බාහිර ක්‍රියාකාරකම් ඇගයීමට ලක්කෙරේ. එහිදී ලබාගන්නා ලකුණු අනුව බාලක හා බාලිකා ශූරතා කුසලාන ඇතුළු පුද්ගල දක්ෂතා සඳහා හිමි කුසලාන පිරිනැමීමට නියමිතය.
අවසන් ශිෂ්‍යභට සම්මාන පෙළපාලිය සහ කුසලාන හා සහතිකපත් ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් 25 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.













