මධ්යම තැපැල් හුවමාරුවේදී ඊයේ (19) මත්ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 16ක් විවෘත කර පරීක්ෂා කර ඇති අතර, ඉන් පාර්සල් 8ක මත්ද්රව්ය අඩංගු බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම, විදේශීය අධිවේගී තැපැල් සේවාව ඔස්සේ ලැබුණු පාර්සල් 4ක් ද පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් පාර්සල් 3ක මත්ද්රව්ය අඩංගු බවට හඳුනාගෙන ඇත.
මෙම තොරතුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රචාරක අංශය විසින් නිකුත් කර තිබේ. අත්අඩංගුවට ගැනීම්, මත්ද්රව්ය වර්ග සහ ප්රමාණයන් පිළිබඳ වැඩිදුර තොරතුරු එම නිවේදනයේ සඳහන් නොවේ.













