පෘතුගාල ජාතික පාපන්දු කඳවුරෙන් කලින් පිටව යාම සම්බන්ධයෙන් සුපිරි පාපන්දු ක්රීඩක ක්රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩයක් පැනවීමට පෘතුගීසි පාපන්දු සම්මේලනයේ විනය කවුන්සිලය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි, රොනාල්ඩෝට එරෙහි විනය චෝදනා සනාථ වී ඇති බව සඳහන් කරමින් මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත. දඩ මුදල තීරණය කිරීමේදී ඔහු පාපන්දු ක්රීඩාවට ලබාදුන් දායකත්වය සහ ක්රීඩා කුසලතාද සැලකිල්ලට ගෙන ඇති බව වාර්තා වේ.
සැප්තැම්බර් 30 වැනිදා නෝර්වේ රාජ්යයට එරෙහි තරගයේදී අතිරේක ක්රීඩකයෙකු ලෙස නම් කිරීමෙන් පසු රොනාල්ඩෝ ජාතික කණ්ඩායම් කඳවුරෙන් පිටව ගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් පෘතුගීසි පාපන්දු සම්මේලනය විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, අනතුරුව මෙම විනය පියවර ගෙන තිබේ.
පසුව ප්රකාශයක් නිකුත් කළ රොනාල්ඩෝ, ප්රධාන පුහුණුකරු ජෝර්ජ් ජේසුස් තමන්ට තරගයේදී ක්රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන බවට වූ පොරොන්දුව ඉටු නොකළ බව සඳහන් කර තිබුණි. මෙම සිදුවීම හේතුවෙන් කණ්ඩායමේ අවසන් තරග දෙක අහිමි වීම පිළිබඳව සිය සගයන්ගෙන් සමාව ඉල්ලා සිටි ඔහු, ක්රීඩාවෙන් සමුගැනීමේ අදහසක් නොමැති බවද ප්රකාශ කර තිබේ.
















