ශ්රී ලංකාවේ ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික ව්යවසායකයින්ට නවීන කෘෂි යන්ත්රෝපකරණ පහසු මිලට ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB), බ්රවුන්ස් සමාගම සමඟ නව සහයෝගීතාවයකට එළඹ තිබේ. දේශීය කෘෂිකර්මාන්තය යාන්ත්රිකරණය කිරීම සහ කෘෂි ක්ෂේත්රයේ ඵලදායිතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
මෙම සහයෝගීතාව යටතේ TAFE ට්රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්ර ඇතුළු කෘෂි යන්ත්රෝපකරණ සහනදායී ලීසිං ක්රමවේදයක් ඔස්සේ ලබාගැනීමට ගොවි ජනතාවට අවස්ථාව හිමිවේ. එමෙන්ම HNB General Insurance හරහා විශේෂ රක්ෂණ වාරික පහසුකම්ද ලබාදීමට කටයුතු කර ඇති අතර, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්රෙඩිට් කාඩ්පතක්ද පාරිභෝගිකයන්ට හිමිවේ.
TAFE ට්රැක්ටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට වසර දෙකක හෝ පැය 2,000ක වගකීමක්, නොමිලේ සේවා වාර හතරක් සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ පහසුකම්ද ලබාදීමට නියමිතය. තෝරාගත් TAFE 45DI, TAFE 7250 සහ TAFE 2WD ට්රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය බ්රවුන්ස් සමාගම විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබයි.
HNB කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ, ගොවි ජනතාවට අවශ්ය යන්ත්රෝපකරණ පහසු ලීසිං ක්රමයක් ඔස්සේ ලබාදීමෙන් ඔවුන්ගේ මූල්ය බර අඩු කර ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
බ්රවුන්ස් කෘෂිකාර්මික හා බර යන්ත්රෝපකරණ අංශයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී සංජය නිශ්ශංක මහතා පෙන්වා දුන්නේ, මෙම සහයෝගීතාව තුළින් නවීන කෘෂි යන්ත්රෝපකරණ, ආකර්ෂණීය මූල්ය පහසුකම් සහ අලෙවියෙන් පසු සේවා එකම වැඩසටහනක් යටතේ ගොවි ජනතාවට ලබාදීමට හැකිවන බවයි.
















