දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අදාළ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදීමට නියමිතය.
ශ්රී ලංකාවේ ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන වෛද්ය ක්රම නියාමනය, සංවර්ධනය සහ පාලනය කිරීම සඳහා මෙම පනතේ විධිවිධාන ක්රියාත්මක වේ.
එම ක්ෂේත්රයේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම, නියාමන ක්රියාවලිය විධිමත් කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම ඇතුළු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සංශෝධන හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
















