කාවන්තිස්ස හස්තියා මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් පරිසර සංවිධාන, සිවිල් සංවිධාන සහ සමාජ ක්රියාකාරීන් පිරිසක් අද (20) දහවල් බත්තරමුල්ලේ පිහිටි පරිසර අමාත්යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
මෙම විරෝධතාවට පන්සියයකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ පරිසර අමාත්යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
එමෙන්ම, කාවන්තිස්ස හස්තියා සිහිපත් කරමින් පාංශුකූලයක් සහ මතක වස්ත්ර පූජාවක් ද මෙහිදී පැවැත්වීමට කටයුතු කර තිබේ.
















