පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවී උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (21) හයවන දිනටත් ක්රියාත්මක වේ.
පසුගිය 16 වැනිදා පස්වරුවේ ආරම්භ කළ මෙම සත්යග්රහයේදී අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය සහ භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබුණි.
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසන්නේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පිරිස පසුව බුද්ධ ශාසන අමාත්යාංශය වෙත වැඩම කර අමාත්යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. එම සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුමක් නොලැබුණු බව පවසමින් උන්වහන්සේලා විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහය ආරම්භ කර ඇත.
















